Monday, November 13, 2023

1 ගැටලු විසදීමට ක්‍රමලේඛන ලිවීම.

1.1 ගැටලුවක් විශ්ලේෂණය කිරීම

 Input - ආදානය
Output - ප්‍රතිදානය
Process - ක්‍රියාවලිය

හරි ළමයි  අපි දැන් වැඩේට බහිමු . ගැටළුවක් විසදීමේ ක්‍රියාවලිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වෙන්වා. ඒ තමා  Input - (ආදානය),  Process - (ප්‍රතිදානය) සහ  Output - (ක්‍රියාවලිය) . ක්‍රියාවලිය පිළිවෙල අනුව අනුපිළිවෙලින් දැක්වීම අනිවාර්ය වේ.

අපි මෙය උදාහරණයක් ආකාරයට බලමු අපි එදිනෙදා ජීවිතයේදී අත්දකින කිරි වීදුරුවක් සාදාගන්නා සිදුවීමක් ඇසුරෙන් , 

Input - (ආදානය) 

වීදුරුවක් 

කිරිපිටි සහ සීනි

උණුවතුර 

හැන්දක් 

Process - ක්‍රියාවලිය

1. කිරිපිටි සහ සීනි වීදුරුවට දමා ගැනීම.

2. උණුවතුර එකතුකර කලාවන් කර හැන්දෙන් කලාවන් කර ගැනීම.


Output - (ක්‍රියාවලිය)

පානය කිරීමට සුදුසු කිරි වීදුරුවක් 


සංඛ්‍යා දෙකක එකතුව පිළිබද සෙවීම

Input - (ආදානය) 

සංඛ්‍යා දෙක                                  2,3

Process - ක්‍රියාවලිය

1. සංඛ්‍යා දෙක එකතු කිරීම     2+3

Output - (ක්‍රියාවලිය)

සංඛ්‍යා දෙකේ එකතුව.                5


සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව සෙවීම

Input - (ආදානය) 

සංඛ්‍යා දෙක                                                         2,3

Process - ක්‍රියාවලිය

1. සංඛ්‍යා දෙකේ විශාල සංඛ්‍යාව සෙවීම       2<3

Output - (ක්‍රියාවලිය)

සංඛ්‍යා දෙකේ එකතුව.                                        3


ශිෂයෙකු තොරතුරු හා සන්නියවදන තාක්ෂණ විෂය සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව ·35 අඩු නම් ඔහු අසමත් බව හෝ  35 හෝ ඊට වැඩි නම් ඔහු සමත් බවද දැක්වීම.

අදනය:                        ලකුණු සංඛ්‍යාව

සැකසීම:                     ලබා ඇති ලකුණ ප්‍රමාණය 35 සමඟ සැසඳීම

විසඳුම් 1.                     ලකුණු 35 ට අඩු නම්

                                                ප්‍රතිඵලය - අසමත්

                                       එසේ නොවේ නම්

                                                ප්‍රතිඵලය සමත්

විසඳුම 2.                    ලකුණු 35 හෝ ඊට වඩා වැඩි නම්

                                                ප්‍රතිඵලය - සමන්

                                     එසේ නොවේ නම් ප්‍රතිඵල - අසමත්

ප්‍රතිදාන: සමත් හෝ අසමත්


ක්‍රියාකාරකම:

1. ටොෆි 100ක් 20 දෙනෙකු අතරේ සම සම ව බෙදීම සම්බන්ධයෙන් ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ලියා දක්වන්න.


ආදානය: ටොෆි 100 ක් ගැනීම.

                  පුද්ගලයන් 20 දෙනෙකු සොයාගැනීම.

                  

ක්‍රියාවලිය: ටොෆි 100, පුද්ගලයන් 20 දෙනා අතරේ බෙදීම 

                     ( 100 / 20 )

ප්‍රතිදානය: එක් පුද්ගලයෙකුට ටොෆි 5 බැගින් බෙදා දීම.


ක්‍රියාකාරකම:

2. සරුංගලයක් සෑදීම සදහා ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය ලියා දක්වන්න.


ආදානය: ඉරටු ලබාගැනීම.

                     නූල් ලබාගැනීම. 

                     මැලියම් (Glue) ලබාගැනීම.

                     සවු කොළ ලබාගැනීම . 

                  

ක්‍රියාවලිය: ඉරටු නූල් වලින් ගැටගසා සැකිල්ල සාදාගැනීම.

                        සැකිල්ලේ මැලියම් ගා සවු කොලය අලවාගැනීම .

                        රැලි එකතු කිරීම.


ප්‍රතිදානය: සරුංගලය නිර්මාණය කිරීම.