1.2 ගැටලු විසදීම සදහා ඇල්ගොරිතම ගොඩනැගීම.
ගැටලූවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක‍්‍රමය
ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ. මෙහි අවශ්‍යතාව වන්නේ පූර්ව සැලසුමක් සහිත ව
නිවැරදි ව ගැටලූවකට විසඳුමක් සෙවිය හැකි ක‍්‍රියාමාර්ගයක් දැක්වීමයි.
උදාහරණ 1 - ලිපියක් තැපැල් කිරීම
(1* ලිපිය ලිවීම
(2* ලිපිය නැවීම
(3* ලියුම් කවරයකට දැමීම
(4* ලිපිනය ලිවීම
(5* මුද්දර ඇලවීම
(6* තැපැල් කිරීම
ඉහත පියවර ලිපියක් තැපැල් කිරීම සඳහා වූ ඇල්ගොරිතමය වේ. මෙම
ඇල්ගොරිතමයේ (1*, (2* සහ (3* වන පියවර අනුපිළිවෙළින් ම සිදුකළ යුතු ය. (4* සහ (5*
පියවර මාරුකළ හැකි ය. එයට හේතුව ලිපිනය ලියා මුද්දර ඇලවිය හැකි ය. එමෙන් ම
මුද්දරය අලවා ලිපිනය ලිවිය හැකි ය.
ඒ අනුව ඇල්ගොරිතමයක අනුපිළිවෙළින් ම ක‍්‍රියාත්මක කළ යුතු පියවර පවතින
අතර සමහර විට පියවර කිහිපයක අනුපිළිවෙළ වෙනස් කළ ද එමගින් ඉදිරිපත් කෙරෙන
ක‍්‍රියාවලියට හානියක් සිදු නොවේ.
උදාහරණ 2 - තරාදියකින් සීනි 500g ක් කිරා ගැනීම.
(1* සීනි කවරයකට දැමීම
(2* තරාදිය මත තබා පාඨාංකය කියවීම
(3* සීනි 500g ට අඩු නම් පාඨාංකය 500g ට සමාන වන
තුරු කවරයට සීනි දැමීම
(4* සීනි 500g ට වැඩි නම් පාඨාංකය 500g ට සමාන වන
තුරු කවරයෙන් සීනි ඉවත් කිරීම
(5* පාඨාංකය ග්?ම් 500 වූ විට සීනි කවරය තරාදියෙන් ඉවතට
ගැනීම
0 Comments